
විධායක සභා සාමාජික
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
යසාංජලී දේවිකා ජයතිලක ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අංශයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකි. ඇය නීතිඥවරියක් ද වේ. 1993 දී ඇයට ඉන්දීය රජය විසින් SAARC ශිෂ්‍යත්වයක් පිරිනමන ලද අතර 1998 දී නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ඇයගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය. 1990 දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාවේ නීති විද්‍යාව පිළිබඳ හොඳම කාර්ය සාධනය වෙනුවෙන් ඩී.ඩී ඇතුලත්මුදලි අනුස්මරණ ත්‍යාගය දිනාගත් ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා ව්‍යාපෘති පාඨමාලා ඒකකයේ හිටපු අධ්‍යක්ෂවරියකි. ඇය කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ උපදේශකවරියක් ලෙස කටයුතු කරයි. ඇය කාන්තා කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත කාන්තා ජාතික කමිටුවේ සාමාජිකාවක් වූවාය.
ඇයගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන්, ආදිවාසී සමාජ, සංචාරක මානව විද්‍යාව, දේශීය දැනුම, කාන්තා අධ්‍යයන යනාදියයි. මේ වන විටත් ශාස්ත්‍රීය ලිපි 35 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් පහකට වඩා ප්‍රකාශයට පත් කර ඇත.